නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

හෙට සිට ලබන 20 වන දින දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වන අතර ‘පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය’ මෙම ප්‍රදර්ශනයේ තේමාව බවට පත් වී තිබෙනවා.