මිසයිල, රොකට්, ප්රක්ෂේපණ ෂෙල් වෙඩි ඇතුළු තවත් බොහෝ ආයුධ ප්‍රමාණයක නිෂ්පාදනය ඉහළ නංවන ලෙස උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් විසින් නියෝග කර තිබෙනවා.
උතුරු කොරියාව විසින් ආක්රමණික පෙරහුරුවක් ලෙස සලකනු ලබන දකුණු කොරියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික හමුදා අභ්‍යාස පැවැත්වීමට එම රටවල් කටයුතු සූදානම් කරමින් සිටීම මෙලෙස ආයුධ නිෂ්පාදනය වැඩි කිරීමට බලපෑ එක කරුණක් විය හැකි බවයි වාර්තා වෙන්නේ.
එසේම යුක්රේනය සමඟ යුද්ධයේ දී භාවිතා කිරීමට රුසියාව උතුරු කොරියානු ආයුධ බලාපොරොත්තු වන බවට තමන් විශ්වාස කරන බව ඇමරිකානු නිලධාරින් ප්‍රකාශ කර ඇති පසුබිමක මෙලෙස ආයුධ නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කිරීම කෙරෙහි ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

