ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බව යි.
වනිඳු හසරංග මේ වන විට ටෙස්ට් තරග 4කට සහභාගී වී කඩුලු 4ක් දවාගෙන ඇති අතර පිතිකරුවෙක් ලෙස ලකුණු 196ක් රැස්කරගෙන තිබෙනවා.

