ක්‍රීඩා වෙනුවෙන් විශේෂ විමර්ශන ඒකකයක්

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ අදාළ ඒකකය 2023.02.15 වන දින සිට අවුරදු 3 ක් සඳහා බලපැවැත්වෙන බවයි.

එහි අධ්‍යක්ෂකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ මහතා පත්කර තිබෙනවා.