ඉන්දියාව සිය 77 වන නිදහස් දිනය සමරයි

බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී ස්වාධින හා නිදහස් ඉන්දියාවක් පිහිටු වීම සනිටුහන් කරමින් අගෝස්තු 15 වන දිනය ඉන්දියාවේ නිදහස් දිනය ලෙස සමරනු ලබනවා.

2023 වසරේ ඉන්දියාව විසින් සිය 77 වන නිදහස් දිනය සමරනු ලබන අතර “ජාතිය පළමුව, සැම විටම පළමුව” (Nation First, Always First) යන්න මෙවර නිදහස් දින සැමරුමේ තේමාව වී තිබෙනවා.

1757 වර්ෂයේ Plassey සටනෙන් බ්‍රිතාන්‍ය හමුදා ජයග්‍රහණය කිරීමත් සමඟ ඉන්දියාවේ පාලනය English East India Company යටතට පත් විය. පසුව 1857 – 1858 වර්ෂවලදී දියත් කරන ලද විශාල ඉන්දීය කැරැල්ලකින් පසුව ඉන්දියාවේ පාලනය බ්‍රිතාන්‍යයේ කිරීටය යටතට ගන්නා තෙක් එම East India Company විසින් වසර 100 ක කාලයක් ඉන්දියාව පාලනය කරන ලදී.

පළමු ලෝක යුද්ධ සමයේ දී මොහාන්දාස් කේ ගාන්ධි විසින් මෙහෙයවන ලද ඉන්දියානු නිදහස් සටන ආරම්භ විය. දෙවන ලෝක යුද්ධ සමය වන විට වසර 200 ක පමණ බ්‍රිතාන්‍යය පාලනය අවසන් කරමින් ඔවුන්ව ඉන්දියාවෙන් එලවා දැමීමට එම සටන්කරුවන්ට හැකි විය.

අද ඉන්දියාව පුරා නිදහස වෙනුවෙන් තම ජිවිත කැප කළ ඒ වීර ඉන්දීය මිනිසුන් සිහිපත් කරමින් රට පුරා නිදහස් දින සැමරුම් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා.

ඉන්දියාවේ නිදහස් දිනයට සමගාමිව Google විසින් විවිධ ප්‍රදේශ 21 කට ආවේනික රෙදි රටා ඇතුලත් වන පරිදි විශේෂ doodle සිතුවමක් ද එහි නිරුපනය කර තිබෙනු දැක ගත හැකි වනවා.