ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස දැනුම් දීමක්

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන මෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය තුළ උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ත්, ඒ හේතුවෙන් ජනතාවට ඇතිවන දුෂ්කරතාවලට කනගාටුව ප්‍රකාශ කරන බවත් ය.

එසේම ජලාශ වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර ඊට සාපේක්ෂව ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද එම මණ්ඩලය දැනුම් දී තිබෙනවා