වියළි කාලගුණය හේතුවෙන් බිලියනයකට වැඩි වන්දි මුදලක්

වියළි කාලගුණය හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට 2023 වසරේ දී බිලියන ගණනක වන්දි මුදලක් ගොවීන්ට ලබා දීමට සිදු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ප්‍රදේශ රැසක වගාවන්ට දැඩි හානි සිදු වී තිබීම හේතුවෙන් ඉදිරියේ දී රට තුළ ආහාර හිඟයක් ද මතු වීමේ අවදානමක් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එසේම උඩවලව ජලාශය භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කර සිටියේ පවතින ජල ධාරිතාවය අනුව තවත් දින 04 ක කාලයක් සඳහා පමණක් ගොවිබිම් සඳහා ජලය නිකුත් කිරීම සිදු කළ හැකි බවයි.