පාකිස්ථාන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු මහා මැතිවරණයක් පැවැත්වීම දක්වා භාරකාර අග්රමාත්යවරයෙක් ලෙස කටයුතු කිරීමට සෙනට් සභික අන්වර් උල් හක් මහතා පත් කර තිබෙනවා.
පාකිස්ථානයේ භාරකාර අගමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 90 කට පසුව මැතිවරණයක් පවත්වන තෙක් ධූරය දරනු ලබනවා.
මින් පෙර අගමැතිවරයා වී සිටි ෂෙරිෆ් ගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තුව පසුගිය බදාදා දිනයේ විසුරුවා හරින ලද නමුත් ඔහු ධුරයෙන් ඉවත් වීමට පෙර අනුමත කර ගත් නව ජන සංගණනය හේතුවෙන් නව මැතිවරණයක් පැවැත්වීම ප්රමාද වනු ඇති බවයි නිලධාරින් සඳහන් කරන්නේ.

