රුසියාව සිය රාජ්‍ය සේවකයන්ට සිය කාර්යාලීය වැඩ කටයුතු වෙනුවෙන් Apple iPhone සහ iPad භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.
රුසියානු ඩිජිටල් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ ආරක්ෂක හේතූන් මත මෙම තහනම පනවා ඇති බවත්, එම සේවකයන්ට සිය පුද්ගලික අවශ්‍යතා සඳහා iPhone සහ iPad භාවිතා කිරීමට අවසර දී ඇති බවත් ය.
එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ මෙහෙයුමක් හරහා රුසියානුවන් භාවිතා කරන Apple උපාංග දහස් ගණනක් හැක් වීමට ලක්ව ඇති බවයි රුසියාවේ ප්‍රධාන ගෘහස්ත ආරක්ෂක සේවය වන FSB කියා සිටින්නේ.
2022 පෙබරවාරි මාසයේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව Apple සමාගම විසින් සිය නිෂ්පාදන රුසියාව තුළ අලෙවි කිරීම නතර කර දැමුවා. එසේම මේ වන විට රුසියාවේ Apple Pay සේවාව ද සිමා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

