අවාසනාවන්ත යුගයක් යළිත් ඇති නොවන බවට ජනපතිගෙන් සහතිකයක්

පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් යළිත් මතු පරපුරට උරුම කර නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් බංකොළොත්භාවයෙන් මිදුණු පසු, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළ යුතු බව ඒ මහතා අවධාරණය කර සිටිනවා.

එසේම සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව එහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව සහ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව යි.