විද්‍යුත් බස් රථ ධාවනය නුදුරේ දී ම

නුදුරේ දී ම විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටිනවා.

කොළඹ මාර්ග තදබදය අඩු කිරීම සඳහා මෙන්ම ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීම සඳහා යොමු කර ගැනීම මෙහි අරමුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම එම බස් ධාවනයේ දී කොන්දොස්තරවරු අනවශ්‍ය බවත්, එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ් පතකින් පමණක් බවත් ඔහු සඳහන් කරනවා.