යුක්රේනයේ වෙරළ කිහිපයක් යළි ජනතාවට විවෘත වෙයි

යුක්රේනයේ කළු මුහුදේ නගරයක් වන ඔඩේසා හි වෙරළ කිහිපයක් පිහිනීම් කටයුතු සඳහා නිල වශයෙන් මහජනතාවට යළි විවෘත කර තිබෙනවා.

කෙසේවෙතත් ගුවන් ප්‍රහාර ඇඟවීම් සංඥා ක්‍රියාත්මක අවස්ථාවේ දී එම වෙරළ ආශ්‍රිත මුහුදේ පිහිනුම් කටයුතු තහනම් කර ඇති බවයි යුක්රේන බලධාරීන් නිවේදනය කර තිබෙන්නේ.

යුක්රේනයේ විශාලතම වරාය මෙන්ම නාවික කඳවුර ද වන ඔඩේසා වෙත රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ම එහි වෙරළ ආශ්‍රිත කටයුතු මහජනතාවට තහනම් කිරීමට එරට රජය විසින් පියවර ගනු ලැබුවා.