උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු අවසානයේ

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අනාවරණය කර තිබෙනවා.

මේ වන විට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇති බව පවසමින් සමාජ මාධ්‍ය වල පළ කර ඇති ප්‍රචාර වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.