ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහාත් රියදුරු බලපත්‍ර

ශ්‍රවණාබාධ වලින් පෙළෙන පුද්ගලයින් සඳහා ත් රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

එහි පළමු පියවර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ කුරුණෑගල දී පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා නීත්‍යනුකුල රියදුරු බලපත්‍ර ලබා නොදුන් අතර මෙම වැඩපිළිවෙල හරහා ජාත්‍යන්තරව බලපැවැත්වෙන පරිදි රියදුරු බලපත්‍රයක් ලබා දෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

එසේම බලපත්‍රහිමියා යතුරුපදිකරුවෙක් නම් හෙල්මටයේ සහ ජැකට් එකෙහි ද, මෝටර් රථ හිමියෙක් නම් බාහිරයට පෙනෙන පරිදි රථයේ ඉදිරියේ සහ පිටුපස ද ඒ සඳහා වූ සුවිශේෂී ස්ටිකරයක් අලවා තැබිය යුතු වෙනවා.