උතුරු පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් අගෝස්තු මස 14 වන දා සිට ක්‍රියාත්මක ලෙස විශේෂ ඩෙංගු මර්දන සතියක් උතුරු පළාත තුළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
වර්ෂාවට පෙර මෙවැනි ඩෙංගු අවධානමක් පැතිර යන්නේ නම් වර්ෂා කාලය ආරම්භ වීමත් සමඟ ඩෙංගු ඉතා සීග්‍රයෙන් පැතිර යා හැකි බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පී. සත්‍යමූර්ති මහතා සඳහන් කරන්නේ.
2023 වසරේ මුල් මාස 05 තුල හඳුනාගත් මුළු ඩෙංගු රෝගීන් 45,612 දෙනාගෙන් 1,474 ක් ම යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් වන බවයි වාර්තා වෙන්නේ.

