IMF සමාලෝචන රැස්වීම සැප්තැම්බර් මස 11 වන දා සිට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන රැස්වීම සැප්තැම්බර් මස 11 වන දා සිට 19 වන දා දක්වා පැවැත්වීමට නියමිත බව සඳහන් වෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරන්නේ එම රැස්වීමෙන් පසුව ශ්‍රී ලංකාව විසින් ඉල්ලීම් කරන ලද ණය මුදලේ දෙවන වාරිකය ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි.