බිත්තර හා කුකුළු මස් ආනයනය මේ වසරෙන් අවසන් වෙයි

මේ වසර අවසාන වන විට පිටරටින් බිත්තර සහ කුකුළු මස් ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට හැකි වනු ඇති බව කෘෂිකර්ම රාජ්‍ය ඇමති ඩී.බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම, වැසී ගිය ගොවිපොළ නැවත ඇරඹීම, පිටරටින් සංසේචිත බිත්තර ගෙන්වීම ආදී පියවර හරහා බිත්තර සහ කුකුළු මස් අවශ්‍යතාවය රට තුළම සපුරා ගත හැකි වන බවයි ඔහු අවධාරණය කරන්නේ.

එසේම සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.