ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළට

ලබන 16 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය – SRR, පදනම් ලකුණු 200 කින් එනම් 4% සිට 2% දක්වා අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ හරහා දේශීය මුදල් වෙළඳපොළට රුපියල් බිලියන 200 ක් පමණ මුදා හරිමින් වෙළඳපොල ණය අනුපාතික තවදුරටත් පහළ දැමීමට හැකියාව ලැබෙනු ඇති බවයි මහා බැංකුව පවසා තිබෙන්නේ.