උතුරේ ඉඩම් වලින් බොහොමයක් මේ වන විට නිදහස් කර තිබෙන බව ජනපති කියයි

2009 වර්ෂයෙන් පසුව ආරක්ෂක අංශ සහ පොලීසිය භාරයේ තිබූ උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් මේ වනවිට නිදහස් කර ඇති බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

90% ත් 92% ත් අතර ප්‍රමාණයක් එලෙස නිදහස් කර ගෙන ඇති අතර එයට ඉඩම් අක්කර 22,919 ක් ඇතුළත් වන බවත් ඉන් අක්කර 817 ක් රජයට අයත් බවත්, අක්කර 22,101 පෞද්ගලික ඉඩම් බවත් සඳහන් කර තිබෙනවා.

එසේම තවදුරටත් පොලීසිය සහ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ප්‍රමාණය අක්කර 3,754 ක් වන අතර ඉන් අක්කර 862ක් රජය සතු වන බවත් අක්කර 2,832ක් පෞද්ගලික ඉඩම් බවත් ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.