පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමි වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
ජාතික බස් සංගම් 7 ක් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇති අතර ඒ සම්බන්ධව අදහස් ලබා ගැනීම මේ වන විට පළාත් මට්ටමින් කඩිනමින් සිදු කරමින් පවතින බවයි අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක කෙරෙන බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාල මූලික පියවර ඉදිරි මාස කිහිපයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

