වියළි කාලගුණය හේතුවෙන් පළාත් 4 ක 10,000 ට ආසන්න පිරිසක් පීඩාවට

පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුරු පළාත් වල පුද්ගලයන් 92,731 ක් පමණ පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

ඉන් වැඩිම බලපෑමක් උතුරු පළාතට සිදු වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 21,714 ක් නියඟය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණ දෙන බවයි වාර්තා වෙන්නේ.

එසේම උතුර සහ උතුරු මැද යන පළාත් වල වැසි ජලයෙන් පෝෂණය වන වැව් දහස් ගණනක් මේ වන විට සිඳී ගොස් ඇති අතර අනෙක් ප්‍රදේශ වලත් වැව් බොහොමයක ජල මට්ටම් ඉතාමත් පහළ මට්ටමක පවතිනවා.