පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර (සැ.160 දම්.69 දරණ ස්ථානයේ) මානික්කම් පට්ටිය මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් එම කොටසේ වාහන ගමනාගමනය දින 03ක් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම හරස් මාර්ගය ලබන 10 වන දා පෙ.ව 07.00 සිට 11 වන දා ප.ව 02.30 දක්වා අර්ධ වශයෙන් ද, 12 වනදා පෙ.ව 07.00 සිට 13 වනදා ප.ව 08.30 තෙක් සම්පූර්ණ වශයෙන් ද වසා තැබෙන බවයි දැනුම් දෙන්නේ.
වසා තැබෙන තෙදින තුළ වාහන ගමනාගමන කටයුතු සඳහා දුම්රිය සැ.160 දම්.42 දරණ ස්ථානයේ පිහිටි මුස්ලිම් කොළණි දුම්රිය හරස් මාර්ගය භාවිත කළ හැක.

