මාස 06 සිට අවුරුදු තුන අතර වූ දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන යළිත් ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ත්‍රිපෝෂ වල අඩංගු ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් හේතුවෙන් වසරකට අධික කාලයක සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර කිරීමට සිදු වූ බවයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න ප්‍රකාශ කර සිටියේ.
ත්‍රිපෝෂ වල ආරක්ෂිත ලෙස පැවතිය හැකි ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය පිළිබඳව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සිදු කරමින් යන සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බවත්, එහි අවසන් තීරණය මේ මස අවසානය වන විට ලැබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ අනුව ලබන මාසයේ සිට මාස 06 සිට අවුරුදු 03 දක්වා වූ දරුවන්ට මසකට ත්‍රිපෝෂ පැකට් තුන් ලක්ෂ පනස්දහසක ප්‍රමාණයක් ලබා දීමට අදාළ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

