පාසල්වලට ලබා දී ඇති පානීය ජල පහසුකම පිහිනුම් තටාක, නිල නිවාස සහ පාසලේ ඉදි කිරීම් සඳහා යොදා ගැනීම වළක්වමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.
පාසල් වල දිගින් දිගටම සිදුවන ජල නාස්තිය පාලනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය , ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය එක්ව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව පාසලේ එක සිසුවෙක් සඳහා දෛනිකව ජලය ලීටර් 20 ක් පමණක් ලබා දීමට කටයුතු කෙරෙන අතර එයට අදාළ වියදම මහා භාණ්ඩාගාරය විසින් දැරීමට නියමිත ය.
එසේම පාසලට ලබා දෙන සීමාවට වඩා වැඩි ජල ප්‍රමාණයක් පාසලේ භාවිතා කර තිබේ නම් ඊට අදාළ මුදල පාසල් සංවර්ධන සමිතිය හරහා ජලාපවහන මණ්ඩලයට ගෙවිය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

