ලබන පාඩුව පියවාගැනීම සඳහා යළිත් වතාවක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේවෙතත් දැනට සිදු කර ඇති ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බැවින් යළිත් ගාස්තු සංශෝධනයක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි මහජන උපයෝගිතා කොමිසන් සභාව පෙන්වා දී තිබෙන්නේ.
පසුගිය විදුලිය ගාස්තු සංශෝධනය කළ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකර මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ ගාස්තු නිසා විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් බිලියන 33කින් පමණ අඩුවී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ.

