මඩකලපුවට දෙවසරක පුළුල් සංවර්ධන සැලැස්මක්

මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා කෘෂිකර්මය, පශුසම්පත සහ ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් දෙවසරක දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් වහාම සම්පාදනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

‘අලුත් ගමක් – අලුත් රටක්’ ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.

එසේම කෘෂිකාර්මික අංශය තුළ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීමට සහ ඊට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව යි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.