Covid 19 – ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේදයක් ලෙස හඳුනා ගෙන ඇති EG.5.1 හෙවත් Eris යන නමින් හඳුන්වන වෛරසයක් මේ වන විට එක්සත් රාජධානියේ සීඝ්රයෙන් ව්‍යාප්ත වී යන බවට වාර්තා වෙනවා.
එරට සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය සඳහන් කර තිබෙන්නේ මේ වන විට අලුතින් වාර්තා වන රෝගීන් හත් දෙනෙක්ගෙන් එක් අයෙක් මෙම නව ප්‍රභේදය ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇති බවයි.
එය වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 14.6% තරම් වූ අගයකි.

