ඉදිරි පැය 36 දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව එහි දැක්වෙනවා.

එසේම බස්නාහිර සහ සබරගමුව යන පළාත් වලට වැසි වාර කිහිපයක් ද ඇති විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.