වියළි කාලගුණය හේතුවෙන් ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

‍පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා.

විශේෂයෙන් විජලනය සහ පාචනය වැනි තත්ත්වයන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වෙන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මේ හේතුවෙන් දරුවන්ට බහුල වශයෙන් දියරමය ආහාර ලබා දීමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිහිටියන් වෙත අවධාරණය කරන්නේ.