ජපන් ආධාර යටතේ යූරියා පොහොර තොගයක්

ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර රැගත් නෞකාවක් ඊයේ දිනයේ කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබාදීම සඳහා මෙම පොහොර තොගය පරිත්‍යාග කර තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.