කාන්තා අයිතිවාසිකම් වලට එරෙහිව නවතම නීති මාලාවක් ගෙන එමින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කරුවන් විසින් වයස අවුරුදු 10 ට වැඩි ගැහැණු ළමයින්ට ප්‍රාථමික පාසල් වල අධ්‍යාපනය ලැබීම තහනම් කර තිබෙනවා.
2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ගැහැණු ළමයින්ට ද්විතීක අධ්‍යාපනය ලැබීම තහනම් කළ අතර ද්විතීක පාසල් පිරිමි ළමයින් සඳහා පමණක් විවෘත කිරීමට කටයුතු කරන ලෙසයි තලේබාන් පාලනය නියෝග කළේ.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගැනීමත් සමග කාන්තාවන්ගේ අධ්‍යාපනය, රැකියාව ඇතුළු අයිතීන් රැසක් අහිමි කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට රූපලාවන්‍යාගාර, කායවර්ධන ස්ථාන හා උද්‍යාන වෙත යෑම පවා කාන්තාවන්ට තහනම් කර තිබෙනවා

