මත්තල මුළු පාඩුව රුපියල් කෝටි 4281 ක්

2017 වසරේ සිට 2022 වසර දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සමස්ත පාඩුව රුපියල් කෝටි 4281 ක් බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

2021 වසරේ දී එහි පාඩුව කෝටි 444 ක් වී ඇති අතර 2022 වසරේ පාඩුව එම ප්‍රමාණය මෙන් පස් ගුණයකට ආසන්න බවයි එහි දී අනාවරණය වී තිබෙන්නේ.

එමෙන්ම 2022 වසරේ දී මත්තල, රත්මලාන, යාපනය හා මඩකලපුව යන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි මුළු පාඩුව රුපියක් කෝටි 2345 කට අධික බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.