ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නැවැත්විය හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව පමණක් බව ද, එය නතර කිරීමට වෙනත් ආයතන වලින් නියෝග ලබා ගැනීම නිෂ්ඵල කටයුත්තක් බැවින් ඒ සඳහා උත්සහ නොකරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නතර කළහොත් සතියක් ඇතුළත බැංකු පද්ධතිය කඩා වැටිය හැකි බවත්, විදේශ රටවල් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීම ඉන් නතර වන බවත් ය.
ඒ නිසා මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නතර කිරීමට උත්සාහ ගනිමින් ගැටළු මතු නොකරන ලෙස ඒ සඳහා උත්සාහ ගන්නා කුඩා දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ වලට තමන් අවධාරණය කර සිටින බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

