දකුණු ජපානයට හමා ආ “ඛානුන්” නම් වූ සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවේ දූපතේ 20,000 පමණ පිරිසකට සිය නිවෙස් හැර දමා ආරක්ෂිත ස්ථාන වලට යාමට සිදු වී ඇති බව වාර්තා වෙනවා.
කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට විදුලිය විසන්ධි වී ඇති අතර තද සුළං සහ වර්ෂාව හේතුවෙන්
90 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තවත් 11 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි දැනට වාර්තා වී තිබෙන්නේ.
එසේම එහි නාහා ගුවන්තොටුපොළ සහ අනෙකුත් දූපත් අතර වූ ගුවන් ගමන් ද 900 ක් පමණ අවලංගු කිරීමට සිදු වීම හේතුවෙන් සංචාරකයන් බොහෝ පිරිසක් අපහසුතාවයට පත් වී තිබෙනවා.
මෙම සුළි කුණාටුව මීට පෙර චීනය ට කඩා වැදුණු අතර එහි දී ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්ව හේතුවෙන් පුද්ගලයින් 34 ක් පමණ ජිවිතක්ෂයට පත් වී තිබුණා.

