ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) පැවැත්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ලේකම්වරයා ද සහභාගී වී තිබුණු බවයි වාර්තා වෙන්නේ.
දැනට LPL තරඟාවලියේ තරඟ 05 ක් පවත්වා ඇති අතර ඉතිරි තරඟ හෙට දිනයේ සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

