එළවළු මිල අඩු වෙයි

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් එළවළු අස්වැන්න අඩු වුවද, දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් වල අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි වෙනවා.

උඩරට සහ පහතරට එළවළු මිල 20% කින් පමණ අඩු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ දිනයේ පමණක් එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ අටක පමණ ප්‍රමාණයක් ගෙනවිත් තිබෙන නමුත් වෙළඳුන් පැමිණීමේ අඩු මට්ටමක තිබී ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් මෙම වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවතිය හොත් ඉදිරියේ දී එළවළු හිඟයකට මුහුණ පෑමට සිදු විය හැකි වන අතර එළවළු මිල ද සීග්‍ර ලෙස ඉහළ යා හැකි බවයි ආර්ථික මධ්‍යස්ථාන වල නිලධාරීන් පවසන්නේ.