දළඳා මාලිගාවේ තේවා කටයුතු මල්වතු පාර්ශ්වයට භාර දෙයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දළඳා වහන්සේ වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු මල්වතු පාර්ශවය වෙත පවරා දීම ඊයේ දිනයේ සිදු කර තිබෙනවා.

සම්ප්‍රදායානුකුලව දළඳා වහන්සේගේ තේවා කටයුතු වල වගකීම වසරක් පාසා අස්ගිරි හා මල්වතු යන විහාර වලට ලැබෙනවා.

පසුගිය ඇසළ පොහොයෙන් නිමා වූ වර්ෂයේ අස්ගිරි මහා විහාරය විසින් තේවා කටයුතු කළ අතර ලබන ඇසළ පොහොය දක්වා එම කටයුතු දැන් පැවරී ඇත්තේ මල්වතු මහා විහාරයටයි.