ජල ගාස්තු වැඩි කරමින් ගැසට් නිවේදනයක්

අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය කරමින් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙහි දී සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් සිදු කර නොමැති අතර අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තුව ඉහළ දමා තිබෙනවා. එසේම පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබෙනවා.

ඒකකයක් සඳහා අය කරන ගාස්තුව මෙන්ම මාසික සේවා ගාස්තුව ද මෙවර සංශෝධනයේදී ඉහළ දමා තිබීම විශේෂත්වයක් වෙනවා.

ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම පහත පරිදි වේ.

0 – 5 ඒකකයක් රු. 60
මාසික ගාස්තුව රු. 300

6 -10 ඒකකයක් රු. 80
මාසික ගාස්තුව රු. 300

11 -15 ඒකකයක් රු. 100
මාසික ගාස්තුව රු.300

16 – 20 ඒකකයක් රු. 110
මාසික ගාස්තුව රු. 400

21 – 25 ඒකකයක් රු. 130
මාසික ගාස්තුව රු. 500