යාල, උඩවලව සහ විල්පත්තු යන ජාතික උද්‍යාන තාවකාලිකව වසා දැමීමේ යෝජනාවක් වනජීවී නිලධාරීන් විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ මාස තුනකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් වන සතුන්ට ඇති වී ඇති ආහාර සහ ජල අර්බුදය සැලකිල්ලට ගනිමිනුයි.
මේ වන විට එම ජාතික උද්‍යාන වල කුඩා වැව්, පොකුණු මෙන්ම විශාල වැව් රැසක ද ජල පට්ටම් පතුල දක්වාම අඩු වී ඇති අතර වන සතුන් සඳහා අවශ්‍ය ජලය බවුසර් මඟින් සැපයීමට මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපර්තම්නේතුව විසින් කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙන්නේ.

