ශ්‍රී ලංකා රජය කුමන ස්ථාවරයක් දැරුව ද, ඉඩම් පොලිස් ඇතුළු පූර්ණ බලතල සහිත පළාත් සභා ක්‍රමයක් ඇති කිරීමට ඉන්දියාව බලපෑම් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරනවා.
එහි නායක ආර්. සම්බන්ධන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙක් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බල්ගේ මහතා සමඟ කළ සාකච්ඡාවක දී මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවය මත 13 වැනි සංශෝධනය පූර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කළ නොහැකි බවත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ප්රමුඛ රජය ඒ වෙනුවෙන් දැඩි බලපෑමක් සිදු කළ යුතු බවත්ය.
එහිදී ඉන්දීය රජයට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දැනුම් දීමට කටයුතු කරන බව ඉන්දීය මහා කොමසාරිස්වරයා පවසා තිබෙනවා.

