ඉරානයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් එරට රජය විසින් අද සහ හෙට යන දෙදින රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.ඒ අනුව ඉරානයේ සියලුම රාජ්‍ය ආයතන, බැංකු සහ පාසල් මේ දින දෙකෙහි වසා දමන ලෙස නියෝග කර තිබෙනවා.
ඊයේ දිනයේ දී ඉරානයේ නගර විශාල සංඛ්‍යාවක ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබුණු අතර, ඉදිරි දින කිහිපයේ දී මෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 සීමාව දක්වා අඩු විය හැකි බව අපේක්ෂා කරන බවයි එරට කාලගුණික අංශ සඳහන් කර තිබෙන්නේ.
එසේම ඉරානයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අධික උණුසුම හේතුවෙන් කුඩා දරුවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයින්ට එළිමහනේ රැඳී සිටීමෙන් වලකින ලෙස ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර ඇති අතර අධික උණුසුම හේතුවෙන් ඇති වී හැකි විජලන සහ ආඝාත තත්ත්ව වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

