යුක්රේනයට දරුණු මිසයිල ප්‍රහාරයක්

යුක්රේන ජනාධිපතිවරයාගේ උපන් නගරය වන ක්‍රිවී රිහ් (Kryvyi Rih) නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

උස් ගොඩනැගිල්ලක් සහ විශ්වවිද්‍යාලයක් ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ප්‍රහාරයෙන් අවුරුදු දහයක් වයසැති දැරියක් සහ ඇයගේ මව ඇතුළු පුද්ගලයින් හය දෙනෙක් අවම වශයෙන් ජිවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 69 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

රුසියාවේ මොස්කව් වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.