ජුනි මාසයේත් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

ජුනි මාසයේ ත් වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබෙනවා.

2023 වර්ෂයේ පළමු මාස 06 තුළ පමණක් වෙළඳ භාණ්ඩ අපනයනය කිරීමෙන් ඩොලර් බිලියන 5.9 ක ආදායමක් ලැබී තිබෙනවා.

එසේම ජුනි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 123 ක් ලෙස දැක්වෙන අතර එය පෙර වසරේ ජුනි මාසයට සාපේක්ෂව 173% ක වර්ධනයක් අත් කර ගෙන තිබෙනවා.

තවද 2023 වසරේ මුල් මාස 06 තුළ දී ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,823 ක් බවයි මහා බැංකුව සඳහන් කළේ.