ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ආනයනය කරන බවත්, එලෙස ආනයනය කරන බෙහෙත් බාල බෙහෙත් නොවන බවත්, බාල බෙහෙත් කියා කිසිවක් ලෝකයේ නිෂ්පාදනය නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
එසේම ඔහු සඳහන් කරන්නේ ආනයනය කරන සියලුම ඖෂධ තත්ත්ව පරික්ෂාවකට ලක් කරන බැවින් යම් හෙයකින් තත්ත්වයෙන් අසමත් ඖෂධ ඇත්නම් ඒවා හඳුනා ගැනීමට ඒ හරහා හැකි වන බවයි.
ඇතැම් පිරිස් සිදු කරන ප්‍රචාර නිසා ජනතාව අනිසි බියක් ඇති කර ගත්තත් රජයේ රෝහල් හරහා දෛනිකව රෝගීන් ලක්ෂ ගණනකට ඖෂධ ලබා දෙන අතර, දෛනිකව ශල්‍යකර්ම දහස් ගණනක් ද සිදු කරන බැවින් කිසිදු චකිතයකින් තොරව ප්‍රතිකාර ගැනීම සංධා රජයේ රෝහල් වෙත ජනතාවට පැමිණිය හැකි බවයි ජනරාල්වරයා අවධාරණය කරන්නේ.

