මෙම වසර අග දී ඇති වන ශීත ඍතුවේ දී රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති පද්ධතියට පහර දීම නැවත ආරම්භ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy ප්‍රකාශ කර සිටිනවා.
එසේම යුක්රේනයේ විදුලිබල පද්ධතිය ආරක්ෂා කිරීමට හැකි සෑම දෙයක්ම කරන බවට යුක්රේන ජනාධිපතිවරයා එරට ජනතාවට පොරොන්දුවක් ද ලබා දී තිබෙනවා.
යුක්රේන බල ශක්ති පද්ධතියෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් පසුගිය ශීත කාලය පුරා රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් හානි වූ අතර ඒ හේතුවෙන් සිවිල් වැසියන්ට ශීත කාලය අඳුරේ සහ සීතලේ ගත කිරීමට සිදු වුණා.
යුක්රේනයේ සටන් කිරීමේ හැකියාව බාල කිරීම සඳහා මෙසේ බලශක්ති පද්ධතියට ප්‍රහාර එල්ල කළ බවයි රුසියාව සඳහන් කරන්නේ.

