දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ යන ඩිපෝවලට අයත් ලංගම බස් රථ විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙනගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමිනුයි.
මෙම හදිසි වර්ජනය හේතුවෙන් උදෑසන රාජකාරී කටයුතු සඳහා මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා ගමන් බිමන් යාමට පැමිණ සිටි මගීන් බොහෝ පිරිසක් මේ වනවිට මහත් අපහසුතාවයට පත්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

