මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.
මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් 50% ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැලකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ.
දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ යම් අඩුවක් නිරීක්ෂණය කළ හැකි වුවත් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

