බස් ‍රථ අනතුරකින් 06 දෙනෙකු මරුට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා ප්‍රදේශයේ ගුවන් පාලමක් මත සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 52 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, (29) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවයි. 

තුවාලකරුවන්ගෙන් 20 දෙනෙකු මේ වන විටත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන අතර, තවත් 30 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

බුල්දානා ප්‍රදේශයේ මෙම මස ආරම්භයේදී ද බස් රථ අනතුරක් සිදුවූ අතර, එහිදී පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.