සජබ ය ඕනෑම මැතිවරණයට සූදානම් – සජිත්

අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා ස්වෛරීත්වය, පරමාධිපත්‍ය සහ ජනවරම බැවින් රජයට රට ගොඩනැගීමට නොහැකි නම් ජනවරමකට යා යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ.

ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දීමට රජය කළ යුතු බවත් ජනතාව සමඟ අධිකරණය ඉදිරියට යාමට සමඟි ජන බලවේගය ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම සෞඛ්‍ය අංශයේ දූෂණ වංචාව ඉහළ යාම, අස්වැසුම පෝලිමේ පවා ජනතාවගේ ජිවිත අහිමි වීම හා කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යාපාර කඩා වැටීම හමුවේ රට තුළ සමාජ මානුෂිය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් ඔහු දෙනවා.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ඉන් මුදවා ගැනීමට නම් නව වරමක් සඳහා යා යුතු බවත් එකී ජන වරම තුළ නව ජාතික ප්‍රතිපත්තියක් තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බවත් ඔහු පවසනවා.