අනාගතයේ දී ත් ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය උනන්දුවෙන්

අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහාය දීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ප්‍රකාශ කරනවා.

මෙරට බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවකදී ඔහු ඒ බව සඳහන් කර තිබෙනවා.

එසේම සියලුම ණයදෙන රටවල් සම්බන්ධ වන විනිවිදභාවයෙන් සහ සන්සන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක වැදගත්කම තමා අවධාරණය කරන බව යි එහිදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

එසේම බලශක්තිය, වරාය, මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම්, ආයෝජන කලාප මෙන්ම හරිත සහ ඩිජිටල් ආර්ථිකය වී ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජපානයට ආරාධනා කර තිබෙනවා